ලාඳුරු රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පත් කිරීමට විරෝධය පල කරමින් අද තුන්වන දිනටත් මට්ටක්කුළිය – හැඳල ප්‍රධාන මාර්ගය හේකිත්ත මංසන්ධියෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණක නිරත වෙනවා. මේ හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා කොරෝනා වෛරසය පැතිර යන රටවල සිට පැමිණෙන සියලු සංචාරකයින් දින 14 ක නිරෝධායනයට ලක් කිරීමේ අරමුණින් වැලිසර ලාදුරු රෝහල මෙරට ප්‍රති නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කිරීමට තීරණය කිරීම මෙයට හේතුවයි.