අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් බව හගවා කාන්තාවකගෙන් මුදල් ලබා ගැනීමට උත්සාහ කල සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් සිදු කල විමර්ශනයකදීයි.
සැකකරුවන් යක්කල ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකට දුරකථනයෙන් අමතා ඇයට පාතාල සාමාජිකයින්ගෙන් තර්ජන ඇති බවට පවසා තිබෙනවා.
ඇයට දැනුම් දී ඇත්තේ ඉන් බේරා ගැනීම සදහා රුපිියල් ලක්ෂයක මුදලක් අවශ්‍ය බවයි.
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලට අනුව සිදු කල විමර්ශන වලදී සැකකරුවන් 04 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් අය අතරට කාන්තාවක් ද ඇතුළත්.
සැකකරුවන් ගම්පහ අත්තනගල්ල හා බලංගොඩ යන ප‍්‍රදේශ වල පදිංචි පුද්ගලයින්.