කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට බදුල්ල මහරෝහලට ඇතුළත් කෙරුණු සයමස් බිළිඳාට එම වෛරසය වැළදී නොමැති බව තහවුරු වී තිබෙනවා.
බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කෙරුණු දරුවාගේ ජෛව සාම්පල පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඒ බව තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
ඒ අනුව, යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බිළිඳා අද පෙරවරුවේ රෝහලෙන් පිටත් කර යවා තිබෙනවා.
පසුගිය 27 වනදා එම බිළිඳා දකුණු කොරියාවේ සිට තම මව්පියන් සමග මෙරටට පැමිණ තිබුණා.