News Line| Off Air
Generic placeholder image

Mar
7

කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

776 Views


කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

කොවීඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා.

ඊයේ දිනය වන විට ලොව පුරා පුද්ගලයින් එක් ලක්ෂ 1961 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ආසාදනය වූ පුද්ගලයින් 56,126 දෙනෙකු සුව වී ඇති බව වාර්තා වනවා.

මේ අතර කොරෝනා වෛරසය වැළදීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3466 දක්වා ඉහල ගොස් තිබෙනවා.

චීනයට අමතරව වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 197ක්.

ඉරානයෙන් ද මරණ 124ක් වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post