News Line| Off Air
Generic placeholder image

Mar
7

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 7 කට කුවේටයෙන් ගුවන් තහනමක්

1116 Views


ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 7 කට කුවේටයෙන් ගුවන් තහනමක්

නව කොරෝනා වෛරස අවධානම හමුවේ ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 7 කට කුවේටයට පැමිණෙන සියලු ගුවන් ගමන් සතියක් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඉන්දියාව,ලෙබනනය,සිරියාව,බංග්ලාදේශය,පිලිපීනය සහ ඊජිප්තුවද මෙම නියමයන්ට අදාළ වන බව කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළා.

පසුගිය සති 2 තුළදී මෙම රටවල වාසය කර පැමිණෙන කුවේට් පුරවැසියන් නොවන සෑම අයෙකුටම රටට ඇතුලුවීමද මේ අනුව තහනම් වනු ඇති.

කෙසේවෙතත් කුවේට් පුරවැසියන් සති 2 ක නිරෝධායන කාලසීමාවකට යටත්ව රටට ඇතුලු කරගන්නා බව එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post