2016 වසරේදී සිදුවූ බැදුම්කර වංචාවට අදාලව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන මුතුරාජා සුරේන්ද්‍රන් යන අය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සිද්ධියට අදාලව පරීක්ෂණ සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහු අත්අඩංගුවට ගැනුණා.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
එහිදී සැකකරු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් , අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නොපමාව වරෙන්තු ලබාගන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (03) පස්වරුවේ දැනුම් දුන්නා.
ඒ 2016 වසරේ මාර්තු මස බැඳුම්කර ගනුදෙනුවලදී සිදුවූ අක්‍රමිකතාවලට අදාළව ඉදිරිපත්ව ඇති කුමන්ත්‍රණය කිරීම, අනුබල දීම, සාවද්‍ය පරිහරණය සහ තමන්ට වාසිදායක වන පරිදි වෙළඳපොල මිල කෘත්‍රිමව ඉහළ දැමීම යන චෝදනා මතයි.