News Line| Off Air
Generic placeholder image

Mar
8

ශ්‍රී පාදය – නල්ලතන්නි මාර්ගයෙන් ඉවතලන ප්ලාස්ටික් ජල බෝතල් ලක්ෂ 15 ක් සොයා ගනී

888 Views


ශ්‍රී පාදය  – නල්ලතන්නි මාර්ගයෙන් ඉවතලන ප්ලාස්ටික් ජල බෝතල් ලක්ෂ 15 ක් සොයා ගනී

මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වී මාස තුන හමාරක කාලයක් ගත වී තිබෙන අතර ඒ අනුව නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයෙන් පැමිණි වන්දනාකරුවන් රැගෙන ගිය ඉවතලන ප්ලාස්ටික් ජල බෝතල් ලක්ෂ 15 සොයා ගත් බව මස්කෙළිය ප්‍රාදේශිය සභාව සදහන් කරනවා.

මෙලෙස දිරාපත් නොවන ප්ලාස්ටික් ජල බෝතල් පරිසරයට මුදා හැරිම හේතුවෙන් අති සංවේදී පරිසර කලාපයක් වන ශ්‍රීපාද රක්ෂිතයට බලපෑම් එල්ල වන බවයි බලධාරීන් සදහන් කරන්නේ. ශ්‍රී පාදයට පැමිණෙන වන්දනා කරුවන් සිය දිරාපත් නොවන අපද්‍රවය නියමිත ලෙස බැහැර කිරීම වගකීමෙන් යුතුව සිදු කරන්නැයි එම නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post