News Line| Off Air
Generic placeholder image

Mar
9

ඉතාලියේ පැය 24ක් තුළ කොරෝනා මරණ 133ක්

720 Views


ඉතාලියේ පැය 24ක් තුළ කොරෝනා මරණ 133ක්

නව කොරෝනා වෛරසයෙන් ඉතාලියේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 366 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ ගතවූ පැය 24 තුළදී වාර්තාවූ මරණ 133ක් සමගින්ය.

මේ අතර වෛරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් සෞදියේ කාතිෆ් කලාපය වසාදැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. නව කොරෝනා වෛරසයේ ඉහළ ව්‍යාප්තියක් පෙන්නුම් කරන ඉතාලියේ සමස්ත ආසාදිතයින් ගණන 7375 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ,ගතවූ පැය 24 තුළ නව ආසාදිතයින් 1492 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.

සිදුවූ මරණ සංඛ්‍යාව 366ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ගතවූ පැය 24 තුළ වාර්තා වූ පුද්ගල මරණ ගණන 133කි. සෞදි අරාබියේ කොවිඩ් ආසාදිතයන් 11දෙනාම හමුවූ ප්‍රදේශය වන නැගෙනහිර කාතිෆ් කලාපය වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර නැවත දැනුම් දෙන තෙක් රට පුරා සියළුම පාසැල් සහ විශ්වවිද්‍යාල වසාදමා තිබෙනවා.

කාතිෆ් කලාපය වසාදැමීමෙන් රටේ තෙල් නිෂ්පාදනයට බලපෑමක් එල්ල නොවන බවද එරට වාර්තාවල සඳහන්ය.

අද වනවිට ලොව පුරා රටවල් 97ක කොරෝනා වෛරසය පැතිරී ඇති අතර මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන එක්ලක්ෂ නවදහස ඉක්මවා තිබෙනවා. සමස්ත මරණ ගණන 3800කි. පුද්ගලයන් හැටදහසකට වැඩි පිරිසක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මරණ 3119ක්ම චීනයේ සිදුවූ අතර එරටින් වාර්තා වූ ආසාදිතයින් ගණන අසූ එක්දහස ඉක්මවයි. මේ අතර දකුණු කොරියාවේ ආසාදිතයින් ගණන 7300 දක්වා වැඩි වී ඇති අතර මරණ ගණන 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉරානයෙන් ආසාදිතයින් 6566ක් වාර්තා වන්නේ මරණ 194 ක්ද සමගයි. කොවිඩ් 19 වෛරසයෙන් අමෙරිකාවේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 21දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වන ආසාදිතයින් ගණන 550කි.

මේ අතර ප්‍රංශය, හොංකොං, එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයකින්ද ඊයේ දිනයේදී මරණ කිහිපයක් වාර්තාවී තිබුනා.


News Articles
Latest Videos
Most Popular Post