News Line| Off Air
Generic placeholder image

Mar
10

මෙවරත් හෝලි සැණකෙළිය උත්සවාකාරයෙන්

786 Views


මෙවරත් හෝලි සැණකෙළිය උත්සවාකාරයෙන්

යහපත විසින් අයහපත පැරදවීම සමරනු ලබන හෝලි සැණකෙළි සමයේදී පැවැත්වෙන හෝලීකා ධහාන් උත්සවය පිළිබද විදෙස් මාධ්‍යවල අවධානය යොමුව තිබෙනවා.

සුරයන් විසින් නපුර පැරදවීම සිහිපත්කිරීමේ හෝලි සැණකෙළිය ඉන්දියාව පුරා මහත් හරසරින් යුතුව සමරනු ලබනවා.

දිවා කාලයේදී වර්ණවත් කුඩුවලින් එකිනෙකා වෙත දමාගසාගන්නා, හින්දු බැතිමතුන් අනතුරුව රාත්‍රී කාලයේදීත් හෝලි සමය උත්සවාකාරයෙන් සමරන්නේ සිය පවුල්වල සාමාජිකයින් සමඟින්.

සැණකෙළිය අතරතුර තෝරාගත් ස්ථානයක ගිනි දැල්වීම් සිදුකරමින් ඒ වටා නර්තන ඉදිරිපත් කිරීමට ඉන්දියානු හින්දු බැතිමතුන් මෙහිදී කටයුතු කරනවා.

මෙය නම් වී ඇත්තේ හෝලීකා ධහාන් ලෙසින්.

පවුලේ සාමාජිකයන් සහ සමීපතමයන් සමගින් එක්ව ගින්න වටා රැස්වී සාම්ප්‍රදායික ගීත ගායනා කරමින්, රසකැවිලි බෙදා හදාගැනීමටත්, ඔවුන් දක්වන්නේ දැඩි කැමැත්තක්.

හෝලි උත්සවය හින්දු සම්ප්‍රදායට එක්ව ඇත්තේ පුරාවෘත්ත වල සදහන් දේව කතා අනුසාරයෙන් බව සදහන්.

හෝලිකා නම් අසුරයා විසින් ප්‍රාහ්ලාද් නම් කුමරු හානියට පත්කිරීමට උත්සාහ කිරීමත්, එහිදී ගින්නේ සහායෙන් හෝලීකා පරාජයට පත්කරමින් ප්‍රාහ්ලාද් කුමරු ජයගැනීමත් සිහිකරමින් ඔවුන් හෝලී උත්සවය සමරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post