ඇෆ්ගනිස්ථානයේ ලෝගාර් හිදී සිදුවූ බෝම්බ පිපිරීමකින් කුඩා ළමුන් 9 දෙනෙකු මියගොස් තිබෙනවා.
පිපිරීමෙන් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්ත කළා.
කිසියම් ත්‍රස්ත සංවිධානයකට අයත් පිරිසක් මාර්ගය අසල අටවා තිබූ බෝම්බයක් මෙලෙස පුපුරායාමට ලක්ව ඇති බව සදහන්.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කිසිදු සංවිධානයක් මෙතෙක් වගකීම භාරගෙන නොමැති අතර තලෙයිබාන් සංවිධානය විසින් ප්‍රහාරය සිදුකරන්නට ඇති බව ආරක්ෂක අංශ සැක පල කරනවා.
රාජ්‍ය නායකයින්, ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත සංවිධානය විසින් මේ ආකාරයෙන් බෝම්බ අටවා තිබුණද ඒවා පුපුරායාමෙන් ජීවිතක්ෂයට මෙන්ම තුවාල ලැබීමට සිදුවන්නේ සාමාන්‍ය වැසියන්ට බව ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.