පැරණි පාර්ලිමේන්තුව හෙවත් වර්තමාන ජනාධිපති කාර්යාලය මාර්තු 14 සෙනසුරාදා සිට සෑම සති අන්තයකම පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා නැරඹීමට මහජනතාවට අවස්ථාව හිමිව තිබෙනවා.
එහිදී නරඹන්නන් හට එහි ඡායාරූප ගැනීමටද හැකිවනු ඇති.
මේ සදහා අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) නමට ලිපියක් 011-2441685 ෆැක්ස් අංකයට යොමු කිරීමෙන් හෝ අංක 011-2354354 ඇමතීමෙන් වේලාව වෙන්කර ගත හැකියි.
පැරණි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක යුගයක් නියෝජනය කරනවා.
පැරණි ගෘහ නිර්මාණ ශෛලීන් පහෙන් එකක් වන “අයෝනියානු ශෛලිය” ට අනුව වසර 82 කට පෙර මෙය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
එය බාහිර පෙනුමින් ඇතෑන්ස් හි ඇක්‍රොපොලීස් කඳු මුදුනේ “ඇතීනා” නම් ග්‍රීක දෙවඟන වෙනුවෙන් ඉදිකොට ඇති ප්‍රධාන දෙව්මැදුර වන “පාතිනන්” ගොඩනැගිල්ලට සමානත්වයක් උසුලනවා.
ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි ආණ්ඩුකාරවරයා විසින් 1930 ජනවාරි මස 29 වැනි දින ව්‍යවස්ථාදායක සභාව ලෙස ගොඩනැගිල්ල ස්ථාපනය කර තිබෙනවා.
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ව්‍යවස්ථාදායකයේ පසුව සිදු වූ නාම සංශෝධන සමඟ මෙය රාජ්‍ය මන්ත්‍රණ සභාව (1931–1947) නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (1947-1972) ජාතික රාජ්‍ය සභාව (1972-1978) සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව (1978-1982) යන නම් වලින් හඳුන්වනු ලැබුවා.
පාර්ලිමේන්තුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගෙන යාමෙන් පසුව මෙම පෞරාණික ගොඩනැගිල්ල 1983 සැප්තැම්බර් මස 8 වැනි දින ජනාධිපති කාර්යාලය ලෙස නම් කෙරුණා.