News Line| Off Air
Generic placeholder image

Mar
10

මහ මැතිවරණයට ඉදිරිපත් වන පක්ෂ නියෝජිතයින් හෙට මැතිවරණ කොමිසමට

691 Views


මහ මැතිවරණයට ඉදිරිපත් වන පක්ෂ නියෝජිතයින් හෙට මැතිවරණ කොමිසමට

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් හෙට(11) පැවැත්වීමට නියමිතයි.

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම හමුවන පළමු අවස්ථාව මෙය වනවා.

ඒ අනුව හෙට පස්වරු 03.30 ට රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.

මෙහිදී මහ මැතිවරණයට අදාල නාමයෝජනා පත්‍ර භාර ගැනීමේ කටයුතු සහ ඉදිරි කටයුතු පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post