කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙලට සහය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරනවා.
කොරෝනා වෛරසය මෙරට දී ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ පස්වරුවේ හඳුනා ගැනුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා. ඒ 52 හැවිරිදි සංචාරක මග පෙන්වන්නෙකු ලෙස ක්‍රියා කළ අයෙකුයි.ඔහු ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට සේවය සපයා තිබෙනවා.
මොහු සති දෙකක කාලයක් මෙම ඉතාලි ජාතික සංචාරකයින් සමඟ රැදී සිට ඇති අතර එම සංචාරකයින් මේ වනවිට යලි සිය රටට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.මෙම රෝගියා නිරෝධායනයට ලක් කර ඇති අතර ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇතැයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසා සිටියා.
සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් පිළිබද තොරතුරු ලබා ගැනීම ද මේවනවිට ආරම්භ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම පාලනය කිරීම සඳහා දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන අය නිරෝධායනය කිරීම ඊයේ සිට ආරම්භ කෙරුණා.
එහෙයින් විදේශගතව පැමිණෙන අයගේ සහ ජනතාවගේ පූර්ණ සහය ගෙන යන මෙම වැඩපිළිවෙලට ලබාදෙන්නැයි රජය තවදුරටත් ඉල්ලා සිටිනවා.