News Line| Off Air
Generic placeholder image

Mar
11

අගමැති මහින්ද නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි

509 Views


අගමැති මහින්ද නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(11) අත්සන් තැබුවා.

එම පක්ෂයේ සෙසු දිස්ත්‍රික් නියෝජිතයින් ද සිය දිස්ත්‍රික් නාමයෝජනා පත් සඳහා මෙහිදී අත්සන් තැබීම සිදුකළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මහමැතිවරණයට තරඟ වඳින දිස්ත්‍රික් නියොජිතයින් අද පෙරුවරුවේ සිය නාම යෝජනා පත්‍ර අත්සන් කිරීම විජේරාම පිහිටි අගමැති නිවසේදී සිදු කෙරුණා.

මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්ව සිටි අතර
ප්‍රථමයෙන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රක් නාමයෝජනා පත්‍රය අත්සන් කළා.

ඉන් අනතුරුව සෙසු දිස්ත්‍රික් නියෝජිතයින් සිය දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබීම සිදු කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post