පවතින දේශපාලන තත්ත්වය පිළිබදව තීන්දුවක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරකා සභාව හෙට (12) පස්වරුවේ රැස්වෙන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවසුවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
වත්මන් දේශපාලන තත්ත්වය, රට හමුවේ ඇති අභියෝග පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වීරකුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.