News Line| Off Air
Generic placeholder image

Mar
11

වරෙන්තු නිකුත් කර තිබූ ජනාධිපති කොමිසමේ ලේකම්වරිය මහාධිකරණයට භාරවෙයි

537 Views


වරෙන්තු නිකුත් කර තිබූ ජනාධිපති කොමිසමේ ලේකම්වරිය මහාධිකරණයට භාරවෙයි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර තිබෙන ජනාධිපති කොමිසමේ ලේකම් පර්ල්. කේ. වීරසිංහ මහත්මිය අද (11) සිය නීතිඥවරුන් මාර්ගයෙන් මහාධිකරණයට භාර වී තිබෙනවා.

නිතිඥ සෙනරත් ජයසුන්දර මහතා මගින් අදාල ලේකම්වරිය අද දහවල් විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආධිත්‍යය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් වූ බව සදහන්.

අධිකරණය විසින් ඉල්ලා සිටින ලේඛන සියල්ල භාරදීමට තම සේවාදායකයා සූදානම් බව එහිදී ලේකම්වරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සෙනරත් ජයසුන්දර මහතා අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව අදාළ ලේඛන සියල්ල හෙට (12) දින තුළ රහස් පොලිසිය වෙත බාර දෙන්නයිකොමිසමේ ලේකම්වරියට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඇය වෙනුවෙන් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන බවද නියෝග කළා.

සාමාන්‍ය වරෙන්තු කළ පුද්ගලයෙකුට අදාළ වරෙන්තුව ආපසු කැඳවීමේ දී බැඳුම්කරයක් නියම කරනු ලැබුවත් ජනාධිපති පරීක්ෂණ කොමිසමට තිබෙන ගරුත්වය සහ ලේකම්වරිය අධිකරණයට ඉදිරිපත් වීම සැලකිල්ලට ගෙන එවැනි බැඳුම්කරයක් නියම නොකරන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විකුම් කළුආරච්චි මහතා විවෘත අධිකරණයේ සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post