නව කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටින් හමුවූ පළමු ශ්‍රී ලාංකිකයා කොට්ටාව, මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඔහු සංචාරක උපදේශකවරයෙකු ලෙස සේවය කර ඇති අතර රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලට අනුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.
කෙසේවෙතත් මේ වන විට මෙම පුද්ගලයාගේ බිරිඳ සහ දරුවන් පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇති බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර කොවිඞ් 19 හෙවත් කොරොනා වෛරසය වැළදී ඇති බවට සැකකෙරෙන කාන්තාවක් හලාවත මහ රෝහලේ සිට අංගොඩ අයි.ඩී.එච් රෝහල වෙත යොමු කර තිබෙනවා.
මෙම කාන්තාව උණ රෝගි තත්ත්වයක් හේතුවෙන් අද පෙරවරුවේ හලාවත මහ රෝහලට ඇතුළත් වු බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.
56 හැවිරිදි ආඩිගම සේරුකැලේ ප්‍ර‍්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව ඉතාලියේ සේවය කර ඇති අතර, ඇය පසුගියදා දිවයිනට පැමිණ ඇති බව සදහන්.