රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂ අනූ හත් දහස් පන්සීයක් (1,35,97,500 ) ක වටිනාකමකින් යුත් මත්පෙති තොගයක්, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බෙල්ජියමේ සිට කොළඹ, මරදාන ප්‍රදේශයේ ලිපිනයකට මෙම පාර්සලය එවා ඇති අතර පාර්සලය මාස 05 ක පමණ කාළයක් භාර ගැනීමට කිසිවෙකු නොමැතිව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී ඇති බව සදහන්.
ඒ පිළිබඳව රේගු බුද්ධි තොරතුරු විමසීමකදී මෙහි සදහන් ලිපිනය ව්‍යාජ එකක් බව අනාවරණය වී තිබෙනවා.
පසුව මෙම පාර්සලය අද දින රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් විවෘත කර පරීක්ෂා කර ඇති අතර එහි කිලෝ ග්රැම් 01 යි ග්රැම් 485 ක් බර මත් පෙති 3,885 ක් තිබූ බව සදහන්.
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සහ පොලිස් මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය ඒකාබද්ධව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.