News Line| Off Air
Generic placeholder image

Mar
12

පොලීසියෙන් මහජනතාව වෙත ඉල්ලීමක්

780 Views


පොලීසියෙන් මහජනතාව වෙත ඉල්ලීමක්

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පිලිබදව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස පොලීසිය විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාධනය වු එක් පුද්ගලයෙකු දැනට හඳුනාගෙන ඇති අතර, ඔහු කොළඹ උණ රෝහලේ ප්‍රතිකාර ගන්නා බවත් එම පුද්ගලයාගේ පවුලේ කිසිදු සමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවයි.

සමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post