සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතා අතර විශේෂ හමුවක් අද චීන තානාපති කාර්යාලයේ දී පැවැත්වුන අතර වැඩබලන චීන තානාපතිවරයා සදහන් කරන්නේ චීනය ඉතා දරුණූ ව්‍යසනයකට මුහුණ දුන් බවත් එහිදී ශ්‍රී ලංකා රජය චීන රජයට ලබාදුන් සහයෝගය චීන ජනපතිගේ සහ චීන ජනතාව ඉතාමත් අගය කරන බවයි.
එමෙන්ම එතුමා වැඩි දුරටත් සදහන් කරන්නේ කොරෝනා වෛරස් තත්ත්වය ශ්‍රී ලංකාව තුල ඉදිරියේ දී ව්‍යාප්ත වුවහොත් එම තත්ත්වය මැඩපැවැත්වීම සදහා චීන රජයේ පුර්ණ සහයෝගය ලබාදෙන බවයි. ඒ අනුව ශ්‍රී ලංකා රජය සදහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ, මුදල් ඇතුලු ඕනෑම සහයෝගයක් ලබාදීමට චීනය කිසිවිටෙකත් පසුබට නොවන බව ද අවධාරණය කළා.