News Line| Off Air
Generic placeholder image

Mar
12

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නිරෝධායනය වෙයි

926 Views


සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නිරෝධායනය වෙයි

ඉතාලියේ ජුවෙන්ටස් කණ්ඩායමට ක්‍රීඩා කරන සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලයේ මැඩෙයිරා හි පිහිටි ඔහුගේ නිවසේදී නිරෝධායනයට ලක්වීමට තීරණය කර තිබෙනවා.

ජුවෙන්ටස් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන ඩැනියෙල් රුගානිට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගින් මෙසේ රෝනාල්ඩෝ ඇතුළු ජුවෙන්ටස් කණ්ඩායමේ ක්‍රීඩකයන් ස්වයං හුදෙකලාවකට ලක්ව නිරෝධායනය වීමට තීරණය කර ඇති බව සදහන්.

ජුවෙන්ටස් කණ්ඩායම ඉරිදා පැවැති තරගයේන් ගෝල 2-0ක ජයක් වාර්තා කළ අතර ක්‍රීඩකාගාරයේදී රුගානි ඇතුළු ජුවෙන්ටස් ක්‍රීඩකයන් එකට සිටිමින් එහි සතුට සැමරීමටද කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post