දිවයිනේ සියලුම දහම් පාසල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසනවා.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ අද පැවැතෙඋනු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ පුද්ගලික පංති පවත්වන ආයතන සහ පුද්ගලික පාසල්වලින් මේ පිළිබඳ සංවේදී ලෙස සිතන ලෙස ඉල්ලීමක් කරන බවයි.
අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ, පුද්ගලික පංති පවත් වන ආයතන සහ පුද්ගලික පාසල්වලින් නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් බලපෑම් කිරීමක් සිදු කළ නොහැකි බවයි.
කොරෝනා වෛරසය පැතිර යාම පාලනය සඳහා අප්‍රේල් මස ලබා දෙන පාසල් නිවාඩු හෙට (13) සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා.