කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්තවන රටවල් වල සිට එනම්, දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය වැනි රටවලින් මෙරටට පැමිනි පුද්ගලයින් නිරෝධායනය මේ වනවිට මධ්‍යස්ථාන තුනකදී සිදු කෙරෙන බව යුද හමුදාව සදහන් කරනවා. එමෙන්ම යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩි දුරටත් පැවසුවේ තවත් නිරෝධායන මධ්‍යස්ථාන 2 ක් අද සිට පිහිටුවන බවයි.