චීනය රජය විසින් කොරෝනා වෛරස් පරීක්ෂණ කට්ටල 1,000ක් සහ මුහුණු ආවරණ 50,000ක් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසනවා.
කොරෝනා වෛරස් තත්ත්වය ශ්‍රී ලංකාව තුල ඉදිරියේ දී ව්‍යාප්ත වුවහොත් එම තත්ත්වය මැඩපැවැත්වීම සදහා චීන රජයේ පුර්ණ සහයෝගය ලබාදීමට චීන රජය කැමැත්තෙන් සිටින බව ඊයේ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යවරිය සහ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතා හමු වූ අවස්ථාවේ ප්‍රකාශ කර සිටියා.