News Line| Off Air
Generic placeholder image

Mar
13

දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල හෙට සිට සති දෙකක් වැසෙයි

703 Views


දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල හෙට සිට සති දෙකක් වැසෙයි

හෙට (14) දිනයේ සිට සති දෙකක කාලයක් සියලුම විශ්වවිද්‍යාල වසා දැමීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපදාන කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසනවා.

රජයේ සියලුම පාසල් ද අද දිනයේ සිට වසා දැමීමට ඊයේ රජය තීරණය කළා.

එසේම දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසල් ද අප්‍රේල් මස 26 වනදා දක්වා වසා තැබීමට තීරණය කළ අතර සියලුම පෞද්ගලික සහ අගරදගුරු යටතේ පවතින ජාත්‍යන්තර කතෝලික පාසල් ද හෙට සිට අප්‍රේල් මස 20 වනදා දක්වා වසා තැබීමට ඊයේ තීරණය කළා.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post