News Line| Off Air
Generic placeholder image

Mar
13

රවී ඇතුළු හතර දෙනාට අද පස්වරු 4ට පෙර අධිකරණයට පෙනී ඉන්නැයි නියෝග

610 Views


රවී ඇතුළු හතර දෙනාට අද පස්වරු 4ට පෙර අධිකරණයට පෙනී ඉන්නැයි නියෝග

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද(13) පස්වරු 4.00 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

එසේ අධිකරණය හමුවේ ඉදිරිපත් වන සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසද අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත නියෝග කරනු ලැබුවේය.

එසේ අද පස්වරු 4.00 ට පෙර අධිකරණයට ඉදිරිපත් නොවන සැකකරුවන් සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති වරෙන්තුව ට අනුව ක්‍රියාත්මක වීමට නීතිපතිවරයාට අවකාශ සැලසෙන බවද එම තීන්දුව තුලින් සඳහන් වුණි.

තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව අහෝසි කරන ලෙස ඉල්ලා රවී කරුණානායක මහතා, අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් අද යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු නවාස්, ශිරාන් ගුණරත්න සහ සෝභිත රාජකරුණා යන මහත්වරු විසින් මෙම නියෝගය කළේය.

මෙම පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 17 වනදා තෙක් කල් තැබුණි.


News Articles
Latest Videos
Most Popular Post