විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුවෙකුට සරසවියේ උත්සවයක් අතරතුර බරපතළ තුවාල ලැබීමේ සිද්ධිය ඇතුළු කාරණා කිහිපයක් මුල් කර ගනිමින් ජ’පුර සරසවියේ සිසුන් 15 කට තාවකාලික පන්ති තහනමක් පනවා ඇති බව විනයාධිකාරී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා සඳහන් කළා.