News Line| Off Air
Generic placeholder image

Mar
13

කොරෝනා ගැන ව්‍යාජ තොරතුරු පළ කරන්නන්ට නීතිමය පියවර

735 Views


කොරෝනා ගැන ව්‍යාජ තොරතුරු පළ කරන්නන්ට නීතිමය පියවර

කොරෝනා වෛරසය පිළිබඳව ව්‍යාජ හෝ ගොතන ලද තොරතුරු බෙදා හරින්නන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඒ අනුව, එවැනි තොරතුරු බෙදා හැරීම සහ බෙදා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඇතුළු සියලු ආකාරයේ විදුලි සංදේශ සේවා අනිසි ලෙස භාවිත කිරීමෙන් වළකින ලෙස එම කොමිෂන් සභාව, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දී තිබෙනවා.

මේ පිළිබඳව කෙටි පණිවුඩ ඔස්සේ පාරිභෝගිකයන් දැනුවත් කිරීමට ද, දුරකථන සමාගම් මේ වනවිට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post