චීනයෙන් පසුව වැඩිම කොරෝනා අසධිතයින් ප්‍රමාණයක් වාර්තා වැන්නේ ඉතාලියෙන්ය. ඒ අනුව මේ වන විට ඉතාලියේ මියගිය සංඛ්‍යාව 1,016 ක් වන අතර ආසාදිතයන් පහළොස්දහස් එකසිය දහතුන් දෙනෙකු වාර්තාවී තිබෙනවා. විශේෂයෙන්ම ගතවූ පැය 24 තුළදී ඉතාලියෙන් නව කොරෝනා මරණ 189ක් වාර්තාවී තිබුණා.
එවන් පසුබිමක ඉතාලියේ සහයට චීන විශේෂඥ කණ්ඩායමක් ඉතාලිය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ චයිනා ඊස්ටර්න් ගුවන් සේවයට අයත් එයාර් බස් ඒ -350 ගුවන් යානයෙන්. චීන ජාතික සෞඛ්‍ය කොමිසම සහ චීනයේ රතු කුරුස සංගමය ප්‍රධානත්වයෙන් මෙම සැලසුම සිදු කර ඇති බව සදහන්.