News Line| Off Air
Generic placeholder image

Mar
13

දිවයින පුරා සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල සඳහා සති දෙකක නිවාඩුවක්

775 Views


දිවයින පුරා සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල සඳහා සති දෙකක නිවාඩුවක්

දිවයින පුරා සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල සඳහා මාර්තු 16 වැනි සඳුදා දින සිට මාර්තු 29 තෙක් සති දෙකක් නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නැවත මෙම ආයතනයන්හි අධ්‍යයන කටයුතු මාර්තු මස 30 දින සිට ආරම්භ කිරීමට නියමිතයි.

ලොව පුරා පැතිර යන කොරෝනා රෝග තත්ත්වය හමුවේ සිසුන් සහ අනෙකුත් ප්‍රජාවගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම කාල පරිච්ඡේදය තුළ සෙනඟ ගැවසෙන ස්ථාන හැකිතාක් මඟ හරිමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ විශේෂ උපදෙස් පිළිපදිමින්, අනිසි බියක් ඇති කරගැනීම වෙනුවට වඩාත් ආරක්ෂාකාරීව සහ වගකීම්සහගතව කටයුතු කරන ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත සියල්ලන් වෙත අවධාරණය කර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post