නව කොරෝනා වෛරස් අවධානම හමුවේ ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කල් දමා තිබෙනවා.
ශ්‍රී ලංකා බළධාරීන් සමග සාකච්ඡා කර මෙම තීරණය ගත් බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කල නිවේදනයේ සදහන්.
දැනට ශ්‍රී ලංකාවේ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් හැකි ඉක්මණින් එංගලන්තයට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවද එම නිවේදනයේ සදහන්.
පවතින තත්වය යහපත් අතට පත්වූ වහාම ශ්‍රී ලංකාවට පැමිණ මෙම ටෙස්ට් තරගාවලියේ නිරතවීමට බලාපොරොත්තු වන බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය කියා සිටියා.