News Line| Off Air
Generic placeholder image

Mar
13

මෙරටින් තවත් කොරෝනා ආසාධිතයින් 03 ක් හමුවෙයි

3354 Views


මෙරටින් තවත් කොරෝනා ආසාධිතයින් 03  ක් හමුවෙයි

කොරෝනා වෛරස් ආසාධිත තවත් රෝගීන් තුන් දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පවසනවා.

එක් අයෙකු අවුරුදු 41ක් වන පුද්ගලයෙක් වන අතර ඔහු මෑතකදී ජර්මනියේ සංචාරය කර පැමිණි අයෙක්.

ඔහු දැනට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අනෙක් පුද්ගලයා අවුරුදු 37ක අයෙක්.

ඔහු ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවූ පිරිසෙන් අයෙක් වන අතර ඔහු දැනට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අනෙක් රෝගියා අවුරුදු 43ක අයෙක් වන අතර ඔහු ද ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවූ අයෙක්.

ඔහු ද දැනට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ අනුව මේ වන විට කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 5ක් වනවා.


News Articles
Latest Videos
Most Popular Post