News Line| Off Air
Generic placeholder image

Mar
14

දිවයිනේ කොරෝනා බවට සැක පුද්ගලයින් 103 ක්

4024 Views


දිවයිනේ කොරෝනා බවට සැක පුද්ගලයින් 103 ක්

මේ වන විට කොරෝනා වෛරසයේ සැකකටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් පුද්ගලයින් 103 දෙනෙකු දිවයිනේ රෝහල් 14 ක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

විදේශිකයින් තිදෙනෙකු ද ඒ අතර වන බව එම අංශය පෙන්වා දුන්නා.

පුද්ගලයින් 35 දෙනෙකු අයි.ඩී.එච්. රෝහලේ රඳවා සිටින අතර 16 දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලේත්, 13 දෙනෙකු ගම්පහ මූලික රෝහලේත් ප්‍රතිකාර ලබන බව සදහන්.

කෙසේවෙතත් මෙම කිසිදු පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති අතර තහවුරු වී ඇති රෝගීන් 5 දෙනා මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.

එමෙන්ම නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නොවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පැවතුණ ද ඊට ගොදුරු වන සියළු පුද්ගලයින් ආසාදිත තත්ත්වයට හෝ මරණයට පත්වීම සිදු නොවන බව ඔවුන් අවධාරණය කරනවා.

ලොව පුරා මේ වන විට වෛරස ආසාදිතයින් එක් ලක්ෂ 45,681දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් 75,532 දෙනෙකුම මේ වන විට සුවය ලබා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post