ඉදිරි මහ මැතිවරණයට අදාලව නාමයෝජනා බාර ගැනීම හෝ ඇප මුදල් බාර ගැනීම අද දිනයේදී සිදු නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. ඒ අද රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන්.
එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර අද විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙන බවද එහිදී කොරෝනා වෛරසය ඉදිරි අවදානම සැලකිල්ලට ගෙන ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම මෙම හමුව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.