News Line| Off Air
Generic placeholder image

Mar
16

දකුණු අප්‍රිකාවටත් හදිසි තත්ත්වයක්

995 Views


දකුණු අප්‍රිකාවටත් හදිසි තත්ත්වයක්

දකුණු අප්‍රිකාවෙන් කොරෝනා වෛරස ආසාදිතයින් 61 ක් හමු වී ඇති අතර කිසිදු මරණයක් මෙතෙක් වාර්තා වී නෑ.

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා රටේ කොරෝනා වෛරස වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා හදිසි හා දැඩි ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ජනාධිපතිවරයා දකුණු අප්‍රිකාවට ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට රට තුළ වෛරසය අභ්‍යන්තරව සම්ප්‍රේෂණය වීමේ තත්ත්වයක් මතුව ඇති බවයි.

ඒ අනුව අධික අවදානම් සහිත රටවලින් සංචාරය කිරීම තහනම් කරන බව නිවේදනය කළ දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව, ස්පාඤ්ඤය, ජර්මනිය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ චීනය යන රටවලට මාර්තු 18 සිට මෙම සංචාරක සීමාවන් පැනවෙන බව සදහන් කර තිබෙනවා.

එම රටවල පුරවැසියන්ගෙන් දැනට පවතින වීසා බලපත්‍රද අවලංගු කරන බව පැවසූ රාමෆෝසා, පසුගිය දින විස්ස තුළ අධි අවදානම් සහිත රටවලට ගිය ඕනෑම විදේශිකයෙකුට වීසා බලපත්‍රය අහිමි වන බවද අවධාරණය කළා.

වහාම ක්‍රියාත්මක වන පරිදි දකුණු අප්‍රිකානු පුරවැසියන්ට යුරෝපා සංගමය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ චීනය, ඉරානය සහ දකුණු කොරියාව වැනි හඳුනාගත් අධි අවදානම් සහිත රටවල් වෙත හෝ ඒ හරහා ගමන් කිරීම මෙමගින් වළක්වා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post