News Line| Off Air
Generic placeholder image

Mar
16

අනුර මහ මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි

595 Views


අනුර මහ මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා අද(16) නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවා.

පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමු‍ණු මූලස්ථානයේදී අනුර කුමාර මහතා සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබූ අතර ඔහු කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ වදිනු ඇති.

පක්ෂයේ තවත් නියෝජිතයින් කිහිප දෙනෙකුම මෙහිදී නාම යෝජනා පත්‍ර සඳහා අත්සන් කළ අතර අනතුරුව මාධ්‍ය හමුවක්ද සංවිධානය කර තිබුණා.

දේශපාලන පක්ෂ ලකුණු වෙනුවෙන් අරගල කරන විට ජාතික ජනබලවේගය සියලුම දිස්ත්‍රික්ක සඳහා නාමයෝජනා අත්සන් තබන බව මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියා.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මැතිවරණ ප්‍රචාරණ කටයුතු නවතා දමා ඇතැයි ද පැවසු ඒ මහතා, ජනතාව එක් රැස් නොකරන්න තීරණය කළ බවද එහිදී කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post