රට තුළ පවතින තත්ත්වය හමුවේ රජය ගෙන යන වැඩපිළිවෙලට සියලු දේශපාලන පක්ෂවල සහාය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
නාමයෝජනා බාර දෙන තැනැත්තා හා ඔහුගේ සහායකයා හැර අනෙක් අය ශාලාවට ඇතුළු නොවන ලෙස මෙහිදී ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
අවම වශයෙන් සෙසු පිරිස් නගරය තුළට හෝ පැමිණිමෙන් වළකින ලෙසත් පැවසු දේශප්‍රිය මහතා, උපදෙස් පන්ති 24 වන දින සිට පැවැත් වීමට නියමිත බවද පැවසුවා.
තැපැල් ඡන්ද බාර ගැනීමේ අදට තිබු අවසන් දිනය හෙට දවසට කල් තබා ඇති බවද මැතිවරණය කල් දැමීමක් සිදු වන්නේ ද නැද්ද යන්න කොමිෂන් සභාවට මේ මොහොතේ තීරණය කළ නොහැකි බවද මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළා.
කැස්ස හෝ උණ තියෙන පුද්ගලයින් නාමයෝජනා බාර දීමට නොඑනු ඇතැයි තමා විශ්වාස කරන බවද එහිදී ඔහු පැවසුවා.
එවැනි අය මුහුණු ආවරණ පැළඳ පැමිණිය යුතු බවත් කොමිෂන් සභාව කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය සමඟ සිටින බවත් දේශප්‍රිය මහතා වැඩිදුරටත් කියා සිටියා.