News Line| Off Air
Generic placeholder image

Mar
16

සියලු අධිකරණවල මාර්තු 17-20 දක්වා වු නඩු කල්යයි

720 Views


සියලු අධිකරණවල මාර්තු 17-20 දක්වා වු නඩු කල්යයි

මාර්තු 17 සිට 20 දක්වා වන කාලය තුළ සියලු අධිකරණවල ගැනීමට නියමිතව තිබූ නඩු කෘත්‍ය කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවට අප්‍රේල් මුල් සතියේ දී නඩු විමසීම සිදු කරන බවත් නැවත දින නියම කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් පවසනවා.

අධිකරණය පරිශ්‍රවල ජනතාව රැස්වීම සීමා කිරීමේ අරමුණින් ,නඩු කටයුතු තාවකාලිකව කල් දැමීම පිළිබඳ හෙට තීරණයක් ගන්නා බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද බදුල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

මේ අතර ඉතාලිය,ඉරානය,දකුණු කොරියාව,ප්‍රංශය, ස්පාඤ්ඤය,ජර්මනිය,ස්විට්සර්ලන්තය,ඩෙන්මාර්කය, නෙදර්ලන්තය,ස්වීඩනය හා ඔස්ට්‍රියාව යන රටවල කොන්සියුලර් සේවා සැපයීම සීමා කිරීමට විදේශ සබඳතා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව තාවකාලික හෝ හදිසි සංචාරක ලේඛන නිකුත් කිරීම,මරණ සහතික නිකුත් කිරීම හා අවශ්‍ය යැයි හැඟෙන වෙනත් සේවා සැපයීම හැර සෙසු සේවා නැවත දැනුම්දෙනතුරු සීමා කෙරෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post