News Line| Off Air
Generic placeholder image

Mar
16

සැනිටයිසර් බෝතල් 5 ක් සොරකම් කළ අයෙක් දින 14 ක් රිමාන්ඩ්

1129 Views


සැනිටයිසර් බෝතල් 5 ක් සොරකම් කළ අයෙක් දින 14 ක් රිමාන්ඩ්

කොරෝනා වෛරසය පැතිර යන පසුබිමක සැනිටයිසර් හෙවත් අත්පිසිනා දියර බෝතල් 5 ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හොංකොං හි පුද්ගලයෙකු දින 14 ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

47 හැවිරිදි අදාල පුද්ගලයා එම චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක්වුන් ටොන් මහේස්ත්‍රාත් අධිකරණය අද පස්වරුවේ නියෝග කර ඇති බව වාර්තා වනවා.

අදාල සැකකරු සොරකම් කර ඇති සැනිටයිසර් බෝතල්වල වටිනාකම හොංකොං ඩොලර් 225 ක් පමණ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post