මයික්‍රොසොෆ්ට් සමාගම ලොව පුරා පිහිටි සිය වෙළඳසැල් ජාලය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් මයික්‍රොසොෆ්ට් සමාගමේ සේවකයින්ට අන්තර්ජාලය හරහා සිය කාර්යාලීය කටයුතු සිදු කිරීමට පහසුකම් සලසා තිබෙනවා.
මේ අතර කොරෝනා වෛරසය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම සඳහා වෙබ් අඩවියක් හදුන්වා දීමට ගූගල් සමාගම පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසන අතර මෙම සතිය අවසානයේදී එම වෙබ් අඩවිය හදුන්වාදීමට පියවර ගෙනඇති අතර ඒ සදහා ගූගල් සමාගම බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව සදහන්.