News Line| Off Air
Generic placeholder image

Mar
17

ප්‍රංශය දින 15 කට වැසෙයි

1121 Views


ප්‍රංශය දින 15 කට වැසෙයි

පවතින මාරාන්තික කොරෝනා වෛසරය හේතුවෙන් සහ එම වෛරසයෙන් ආරක්ෂා වීම සදහා දී ඇති සෞඛ්‍ය උපදෙස් එරට ජනතාව වැඩි වශයෙන් නොසලකා හැරිම හේතුවෙන් දින 15ක් සඳහා ප්‍රංශය වසාදැමීමට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම, රැකියාවට යාම, ව්‍යායාම කිරීම හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම හැර අන් සියලු දෙනා සිය නිවෙස් වලට වී සිටිය යුතු බව ජනපතිවරයා අවධාරණය කර තිබෙනවා. එම වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීම සදහා ප්‍රංශය පොලිස් නිලධාරීන් 100,000 යොදවන බවද පැවසෙනවා. එම වැඩ පිළිවෙල කඩන සියලු දෙනා නිතිය ඉදිරියේ වරදකරුවන් වන බවත් ඔවුන්ට දඩ මුදල් ගෙවීමට සිදුවනු ඇති බවත් සදහන් වෙනවා.

කොරෝනා වෛරස් පැතිරීම වැළැක්වීම සඳහා නිර්මාණය කරන ලද දැඩි නව ක්‍රියාමාර්ග මාලාවක් එළිදැක්වීමෙන් අනතුරුවයි ප්‍රංශ ජනපතිවරයා මෙම තීරණය කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post