චීනයෙන් පිටත කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම ඉතාලියට එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉතාලියේ ගෙවුණු පැය 24 තුළ කොරෝනා මරණ 345 ක් වාර්තා වී ඇත්තේ මුළු මරණ ගණන 2503 දක්වා ඉහළ නංවමින්.
එය ඊයේ (17) දිනයට සාපේක්ෂව සියයට 16ක වැඩිවීමක් බව වාර්තා වන අතර එරටින් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට තිස් එක්දහස ඉක්මවයි.