News Line| Off Air
Generic placeholder image

Mar
18

යුරෝපා සංගමයට අයත් රටවල බාහිර දේශ සීමා වසා දමයි

582 Views


යුරෝපා සංගමයට අයත් රටවල බාහිර දේශ සීමා වසා දමයි

නව කොරෝනා වෛරස් වසංගතයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟ යුරෝපා සංගමයට අයත් රටවල සියලු බාහිර දේශ සීමා වසා දමා තිබෙනවා.ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවල බාහිර දේශ සීමා දින 30කට වසා දමා ඇති අතර එහෙත් පසුගිය කාලයේ දී එම සංගමයෙන් ඉවත් වූ බ්‍රිතාන්‍යයට මෙම තීරණය අදාළ වන්නේ නැහැ.

ඒ අනුව යුරෝපා සංගමයේ සාමාජික සෙසු රටවල් 26ට බාහිර රටවලින් පුද්ගලයන් ඇතුළුවීම තහනම් වනු ඇති. කෙසේ නමුත් මෙම තීරණය එම සංගමයෙන් ඉවත්වී සිටින බ්‍රිතාන්‍යයට අදාළ වන්නේ නැහැ.

නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා මියගිය සංඛ්‍යාව මේ වන 7,965ක්. පසුගිය දෙසැම්බර් මාසයේ චීනයේ වූහාන් නගරයෙන් ලොවපුරා ව්‍යාප්තිය ආරම්භ වූ නව කොරෝනා වෛරසය අද වන විට රටවල් 165 ක් පුරා පැතිර පවතින අතර පුද්ගලයන් 7,965දෙනෙකු මියගොස් තිබෙනවා. චීනයෙන් ආසාදිතයන් 81,116 දෙනකු හඳුනාගැනුණු අතර ඉන් 3,231 දෙනකු මියගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post