මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් දඹදිව වන්දනාවේ ගොස් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් කඩිනමින් යළි දිවයිනට ගෙන්වා ගැනීම විදේශ සබඳතා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒ සදහා ශ්‍රීලංකන් විශේෂ ගුවන් යානයක් පිටත් කර යවන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය වැඩි දුරටත් සදහන් කළා.
ශ්‍රී ලාංකික වන්දනාකරුවන් එක්දහස් දෙසීයක් පමණ දැනට ඉන්දියාවේ රැදී සිටින බවයි වාර්තා සදහන් කරන්නේ.