චාරිකා හා විනෝද ගමන් සම්පූර්ණයෙන් රජය විසින් අද(18) දින සිට තහනම් කර තිබෙනවා.
රජය විසින් ඊයේ(17) දිනයේ සිට හෙට(19) දිනය දක්වා දින 3ක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
එවන් තීරණයක් ගනු ලැබුවේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක් ලෙසින් බවද එවැනි අවස්ථාවක විනෝද චාරිකා යෑම සම්පූර්ණයෙන්ම තහනම් වන බවද සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය කොරෝනා වෛරසය පිලිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සදහන් කළා.
කිසියම් පිරිසක් මෙම උපදෙස් කඩ කරමින් හැසිරෙන්නේ නම් ඔවුන්ට නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් එහිදී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියා.
ජනතාව මෙවැනි ආකාරයෙන් හැසිරීම තුළ තව තවත් පවතින තත්ත්වය අනතුරුදායක තත්ත්වකට පත් වෙනු ඇතැයි ද පැවසු අමාත්‍යවරිය හැකි තරම් නිවෙස් තුළම රැඳී සිටිමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යාවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතන සඳහා මෙම විශේෂ දින 03 ක නිවාඩුව බල පැවැත්වෙනු ඇති.
එමෙන්ම පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව ලබා දෙන මෙන් රජයේ ඉල්ලා සිටිනවා.
එමෙන්ම පොලිස්පති විශේෂ නියෝගයක් ලෙස මාර්ග බාධක ලංකාව පුරාම යොදවා ඇති බවත් යම් අයෙක් විනෝද චාරිකා යන්නේ නම් ඔවුන් සියලු දෙනාම අත්අඩංගුවට ගන්නා බවත් නියෝජ්‍ය පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
499 ක් වන පොලිස් ස්ථාන සියල්ල වෙත මෙම දැනුම් දීම සිදු කර ඇති බවත් ඒ නිසාවෙන් සියලු දෙනා නිවෙස්වල රැදී සිට රෝගය ව්‍යාප්තිය වළක්වා ගැනීමට සහය වන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.