News Line| Off Air
Generic placeholder image

Mar
19

පුත්තලමට සහ කොච්චිකඩේට පැනවූ ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කරයි

526 Views


පුත්තලමට සහ කොච්චිකඩේට පැනවූ ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කරයි

පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව කොච්චිකඩේ පොලිස් අධිකාරි බල ප්‍රදේශ සඳහා පනවා ඇති ඇදිරි නීතිය අද පෙරවරු 08.00ට තාවකාලිකව ඉවත් කිරිමට තීරණය කර තිබෙනවා.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ අදාල ප්‍රදේශය සදහා පස්වරු 02.00ට නැවත පොලිස් ඇදිරි නීතිය පැනවීමක් සිදු කරන බවයි. කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා ඊයේ (18) පස්වරු 04.30 සිට පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය පනවනු ලැබුවා.

පුත්තලම පොලිස් අධිකාරි බල ප්‍රදේශය, හලාවත පොලිස් අධිකාරි බල ප්‍රදේශය සහ මීගමුව පොලිස් අධිකාරිබල ප්‍රදේශයේ කොච්චිකඩේ බල ප්‍රදේශය සදහා මෙම පොලිස් ඇදිරි නීතිය පනවා තිබෙනවා..


News Articles
Latest Videos
Most Popular Post