News Line| Off Air
Generic placeholder image

Mar
19

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොරෝනා ව්‍යාප්තිය පිළිබද විශේෂ වාර්තාවක්

569 Views


ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොරෝනා ව්‍යාප්තිය පිළිබද විශේෂ වාර්තාවක්

ලෝක සෞඛ්‍ය සංවිධානය නැවතත් නව කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් සදහන් කළේ, ගෝලීය වසංගත තත්ත්වය පාලනය කිරීමට තිබූ අවස්ථා සියල්ල ගිලිහී ගොස් ඇති බවයි. එබැවින් වහ වහා ක්‍රියාත්මක වෙමින් හුදෙකලාකිරීමේ, පරික්ෂාකිරීමේ, සොයාබැලීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රජයයන් කටයුතු කළ යුතු බවයි.

දැනට වාර්තාවී ඇති ආසාදිතයින් දෙලක්ෂයෙන් සියයට 80ක ප්‍රතිශතයක්ම යුරෝපානු සහ බටහිර පැසිෆික් කලාපයෙන් වාර්තාවී ඇති බවත්, එම සංවිධාන සදහන් කලා.

ලෝක සෞඛ්‍ය සංවිධාය වෙනුවෙන් අදහස් දැක්වූ එම සංවිධානයේ විධායක නිලධාරී මයික් රයන් අවධාරණය කළේ, දේශසිමා, ජාතිභේද, සමේ පැහැය, හෝ බැංකු ගිණුමේ ඇති මුදල් ශේෂය නොතකමින් පැතිරයන මෙම මාරාන්තික වෛරසය, එක් ජන කොට්ඨාසයක් වෙත ලඝු කිරීම දෝෂසහගත බවයි.

ඔහු මෙම අදහස් දැක්වූයේ නව කොරෝනා වෛරසය, චීන වෛරසයක් ලෙසින් අර්ථදැක්වීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ උත්සාහයට ප්‍රතිචාර ලෙසයි. මේ අතර පළමුවරට නව කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතක් අත්හදාබැලීමට හැකිවීම ඇගයීමට, එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනොම් ග්‍රෙබ්‍රේසස් කටයුතු කළා.


News Articles
Latest Videos
Most Popular Post