News Line| Off Air
Generic placeholder image

Mar
19

පුත්තලම දිස්ත්‍රික්කයට හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට නැවතත් ඇඳිරි නීතිය

512 Views


පුත්තලම දිස්ත්‍රික්කයට හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට නැවතත් ඇඳිරි නීතිය

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට යළිත් බලපැවැත්වෙන පරිදි නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයටත්, මීගමුව කොච්චිකඩේ පොලිස් වසමටත් පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (19) පෙරවරු 8 ට අවසන් වුණා.

පොලිස් මූලස්ථානය සදහන් කළේ එය පස්වරු 02.00ට නැවත පනවන බවයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා ඊයේ පස්වරු 04.30 සිට පුත්තලම දිස්ත්රි‍ක්කයට සහ මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට මෙලෙස පොලිස් ඇදිරි නීතිය පනවනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post