News Line| Off Air
Generic placeholder image

Mar
19

මැතිවරණ කොමිසමට කැෆේ සංවිධානයෙන් ප්‍රශංසා

594 Views


මැතිවරණ කොමිසමට කැෆේ සංවිධානයෙන් ප්‍රශංසා

මැතිවරණය කල් දැමීම සඳහා මැතිවරණ කොමිසම ගත් තීන්දුව ප්‍රශංසනීය බව කැෆේ සංවිධානය අවධාරණය කරනවා.

රටේ පවතින අයහපත් සෞඛ්‍යමය වාතාවරණය මැනවින් වටහා ගැනීම පිළිබඳව මැතිවරණ කොමිසමට ස්තුතිය පළ කළ යුතු බව එහි විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දුන්නා.

පවතින වාතාවරණය මත ජනතාව එක් රැස් වීම නිවෙස්වලින් පිටතට යාම අනතුරුදායක තත්ත්වයක් බවද සඳහන් කරන ඒ මහතා මෙම තත්ත්වය තුළ මැතිවරණය පැවැත්විය නොහැකි බව සඳහන් කරමින් කැෆේ සංවිධානය ජනාධිපතිවරයා වෙත සහ මැතිවරණ කොමිසම වෙත ඊයේ දිනයේ දී ලිඛිතව ඉල්ලීමක් කළ බව ද පෙන්වා දුන්නා.

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට සහ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමට වඩා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය වැදගත් බව කැෆේ සංවිධානය එහිදී වැඩිදුරටත් අවධාරණය කළා.


News Articles
Latest Videos
Most Popular Post