News Line| Off Air
Generic placeholder image

Mar
19

සිංගප්පූරුවේ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යයි

2585 Views


සිංගප්පූරුවේ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යයි

සිංගප්පූරුව තුළ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.

ගතවූ පැය 24 ක කාලය තුළ එරටින් නව ආසාදිතයින් 47 දෙනෙකු හදුනාගෙන ඇති අතර එක් දිනක් තුළ සිංගප්පූරුවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ආසාදිතයින්ගෙන් 33 දෙනෙකුම යුරෝපා, උතුරු අමෙරිකා සහ ගිනිකොන දිග ආසියානු කලාපීය රටවලින් පැමිණි පුද්ගලයින් බව සිංගප්පූරුවේ සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට සිංගප්පූරුවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 313 ක් බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post